Lyrics
හමු වූ දා සිට බලා වුනෙමි මම
ඔබ මට හිමි වෙයි කියා
නොපැතු විලසට ඔබේ අත ගත් දින
සිතුණා සිහිනයකි කියා........
(පාසැල් වියේදි අප බාලේ
හිටි හැටි මතකයි අද වාගේ....//)
සුලලිත සිනහව නෙත් බැඳුනේ
අදටත් ඔබ මගේ සතුට ලොවේ......
(සුදු මුව දැකුමයි සිතට සුවේ
මට ඇති සම්පත ඔබයි ළඳේ....//)
උපදින හැම භවයකදී මෙසේ
පතමු සිතින් එක්වන්න මෙසේ......
හමු වූ දා සිට.....