Lyrics
හමුවේවා .... හමුවේවා අප මතු අත් භවයක
මිනිස් හඬින් තොර පාළු දූපතේ
කාත් කවුරුවත් ඇස නොගැටෙන්නට
අපේ අහිංසක පෙම් පාරාදීසේ
හමුවේවා
කුලගොත් උස් මිටි භේද අවුළුවා
අපේ පැතුම් දවමින්
සටන් වදින්නට නෑසිය සෙන් නැති
අපේම ලොවකදි හමුවේවා යලි
හමුවේවා....
යන එන හැම තැන දෑස් සඟවලා
අපේ රහස් සොයමින්
නුවන් පෙලන්නට මේ රුපු සෙන් නැති
අපේම ලොවකදි හමුවේවා යලි
හමුවේවා ....