Lyrics
හමුවෙන්නේ නෑ ආයෙත් වෙන්වීම උරුමයයි
අපි අපට ආදරෙන් කාලේ සිහිනයක්මයි
නොලැබීම හිමිකමයි දැන් මුළු හිතම පෑරීලා
දුක් නොවිඳා ඔයා නම් ඉනු මැන තුටින්
හිත මගේ තවත් දන්නවා ඔබ දිනෙක යළි එයි කියා.....
උරහිසේ හිස හොවා උණුහුමක් වින්දා
පසුපසින් මා ඇවිත් ආත්මයක් පාසා
වෙන කෙනෙක් නොම දනී මගේ හිතේ ආදරේ
ඔබ තමයි ඇදහුවේ මගේ හිතින් හැම දිනේ.....
නෑසුනේ ඇයි මගේ හදවතේ වේදනා
දැන් මගේ හිත පිරි මතකයේ වේදනා
වෙන කෙනෙක් නොම දනී මගේ හිතේ ආදරේ
ඔබ තමයි ඇදහුවේ මගේ හිතින් හැම දිනේ.....
හමුවෙන්නේ නෑ ආයෙත්.....