හමුවෙන්නට සමුගන්නටhamuwennata samugannata

Hamuwennata Samugannata

Lyrics

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොළ පෙම්වතුන්ගේ සරසව් උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි හැම දින 
	
මලක නැවුම් සුවඳ පිරුණු සොඳුරු මද නළ
ඔබ ගැන තොරතුරු විමසයි මගදී හමු වෙන 
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ සිතත් අරගෙන
ඔබ සැඟවී ගිහින් මගේ සිතත් අරගෙන

හමුවෙන්නට සමුගන්නට.../

නෙතින් නෙතට එබී බලා ගන්න හදවත 
ඉස්සරමෙන් ඇවිත් යන්න සරසවි බිමට 
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා එන  කඳුලට 
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම 
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම 

හමුවෙන්නට සමුගන්නට ../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.