හමුවීම ලංවීම ඈතයි අපේhamuwiima lanwiima aethayi apee

Hamuweema Lanweema

Lyrics

හමුවීම ලංවීම ඈතයි අපේ
ඔබේ ආදරේ තාම ඇත හදවතේ
එක්වෙන්න බැරිවීම ඉරණම අපේ
කාලයට ඉඩදීලා අපි ඉමු ළඳේ

දවසකදි සමුගනිමි ඔය ඇස් දෙකෙන්
මතු භවයේ හිමිවෙන්න මගේ රත්තරන් //

අත් අල්ලගෙන යන්නේ ඔහුගේ වෙලා
රිදවන්නේ විඳවන්නේ මමමයි සදා
නිදිමරන ඇස් අතර ඉන්නේ ඔයා
හිතුවාද ඒ හැඟ=ම් මතකෙන් යයි කියා

දවසකදි සමුගනිමී...//

අතගන්න මන් කරපු පින් මදි ඇතී
ඔහු ඔබට පින්වන්තයෙක් වෙන්නැතී
සතුටින්ම ඔබ ඉන්න මට ඒ ඇතී
එනවාද හැම රෑක සිහිනෙන් හරී

දවසකදි සමුගනිමී...//

හමුවීම ලංවීම...//

දවසකදි සමුගනිමී...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.