හමුවන්නේ නෑhamuwannee nae

Hamuwanne Na

Music:
නිසල් ගංගොඩගේnisal gangodagee
Lyrics:
මල්කි විජේමාන්නmalki wijeemaanna

Lyrics

හමුවන්නේ නෑ ඉතින් වෙන්වෙන්න ආ ගතින්
ළං වෙලා අපි උන්නු කාලේ යන්නෑ සිතින්
පෙරදාක උණුසුමේ දැවටිලා උන් ලෙසින්
කවදාක පිසලන්නේ නුඹේ කඳුළු මා අතින්.....

ඇස් වලට ළං වෙලා කී කතා ළඟ ඉඳන්
බොඳ වෙලා දුර ගියා ළං වෙන්න බැරි නිසා 
සැනසෙන්නේ කෙලෙසද ඔබ නැතිව මා නමින්
වෙන්වෙන්න වූවාට වෙන්වෙන්න බෑ ඔබෙන්.....

හුස්මකට හිර වෙලා දුක කළා නෙත් වලින්
බර වෙලා මිය ගියා පැතූ පැතුම් ආදරෙන්
ඉකි ගසා අපේ සිහින අල්ලගෙන පණ නමින්
සංසාරේ නිම වෙන්න පෙර එන්න රත්තරන්......

හමුවන්නේ නෑ.....
(කවදාක පිසලන්නේ නුඹේ කඳුළු මා අතින්.....//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.