හමුවුණා ඔබවන් කෙනෙක් මුලදීhamuwunaa obawan kenek muladhii

Hamuuna Obawan Knek Muladi

Lyrics

හමුවුණා ඔබවන් කෙනෙක් මුලදී
වෙන් වුනේ ඈ වේදනා බර කතන්දරයකදී
අරුත එය නම් ප්‍රේමයේ සැමදා
කියන් නුඹ මම කෙලෙස පෙම් කරමි

සැබෑමයි නුඹ දකින හැම මොහොතේ
මට හොරා මගේ සිත සැලේ නිබදේ
මහුවුනානම් ඇයට පෙර නුඹ මගේ මුල් පෙම වී
ලබන්නට තිබුණා නොවෙද ආදරය මා පැතු සේ

හමුවුනා ඔබවන් කෙනෙක් ......

මඟ හරිනු බෑ බැල්ම නුඹ දෙනෙතේ
එහෙත් බැදෙමි ද මම නුඹට කෙලෙසේ
සදාකල් හමුවන්ට හැකි නම් ප්‍රේමයෙන් තොරවී
වදින්නට නොම වේ දුකක් යා හැකිය යළි වෙන්වී

හමුවුනා ඔබවන් කෙනෙක් .........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.