Lyrics
හමු වී වෙන් වී ගෙවෙනා
අපෙ ඇසුරේ කෙලවර සොයලා
සැනසුම උකසට හරවා
මගෙ හදවත මහන්සි වෙනවා
රන් හුයෙන් නුපුරුදු
එක් නොවේනම් අපි මතු
ලොවට සමු දී හිනහෙමු
එකම මොහොතේ පිට වෙමු
හමු වී වෙන් වී ගෙවෙනා
අපෙ ඇසුරේ කෙලවර සොයලා
සැනසුම උකසට හරවා
මගෙ හදවත මහන්සි වෙනවා ඔබ හින්දා....
පුරානයේ නිරන්තරේ
ඔබට හිරිහැර දිදී
මම ඔබේ ඇස් වලින්
දුක දොවන්නට ඇති..
පඩිසන් දී කරපු පව්
අපි වෙන් වී ගිය දුරක්
අදහන්නටත් බැරි තරම්
සත්තයි මගේ රත්තරං..
හමු වී වෙන් වී....
සරා සඳේ රිදී ඉරේ
රැගෙන රශ්මිය දිගේ
ලොවම අඳුරේ ගිලී
යාවි අවසානෙදී....
හැම හමුවීමක් යටින්
මහ නොලැබීමක් අරන්
කාලය ඉන්නවා බලන්
සත්තයි මගේ රත්තරන්....
හමු වී වෙන් වී....