Lyrics
ආදරයෙන් සාදරයෙන් පිළිගන්නා මුල් දින අපිව
කාලයකින් වේගයකින් අමතක වෙනවා ඒ අයට
යා යුතු මං මැරිලද දැන් කාවත් නෑ විශ්වාස මට
ප්‍රේමය නම් වෛරයකින් අවසන් වෙන්නේ මැණික
(හැමෝම කිව්වා ඔබ අත හැරලා යන බව කෙදිනක හරි මාව
දුප්පත් හින්දා ආදරේ හිමි නෑ අපි ඉපදුනේ අමුතුම රටක...//)
ඉපදීම යනු අවසානයෙදී මියැදීම මගේ මැණික
දුක් වීම යනු කවදාක හරි විඳින සතුටක අරුත
සැනසීම යනු ගැලපීම ඇති හිත් තමයි අත්විඳින
දුක් දීම යනු අනිවාර හිමි විඳවීම තමා උරුම
හැමෝම කිව්වා....//
නොලැබීම යනු ඉවසීම නැති තැනක සිදුවූ වරද
ගරු කීම යනු හැසිරීම මත පිදිය යුත්තන් පුදන
මදි වීම යනු ඔබ නෑ කරලා පින් බිඳක්වත් තිබුන
පසුතැවී යනු එපා සොඳුරේ ලැබිය යුතු දේ ලැබුන
ආදරයෙන් සාදරයෙන්....
හැමෝම කිව්වා....//