ශහිල් හිමංසහමන සුළඟක් ඇතීshahil himansahamana sulangak aethii

Hamana Sulagak Athi

Lyrics

හමන සුළඟක් ඇතී
හිතට හීලෑ නැතී
එකම වරදේ බැදී
නුඹ දුන්න දුක ඇතී
වේදනා හිතේ තියා යලිත් නුඹ හැදෙයි කියා
නිදහසක් නොවෙයි එදා සමාවක් දුන්නේ මා

මේ ජීවිතේ සැනසීමත් ඔබයි
මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි..//

දවසකට ආදරේ සොයන මේ ලෝකයේ පින් ඇත්තෙ ඔබටමයි මගෙ ආදරේ
නිහඬ මෙ යටිහිතේ රිදුම් නැතුවා නොවේ තනි උනු මමයි හිතයි ඒ බව දනී
සමුගන්ම නුඹ මගේ අරුමයක් නොවේ
අතින් අතට යයි නම් නුඹ විහින් නුඹ නසා
මේ ජීවිතේ සැනසීමත් නුඹයි
මේ ජීවිතේ පසුතැවීමත් නුඹයි

අදත් නැති ආදරේ හෙටත් කොහෙදෝ හදේ
නුඹත් පරදී හිදී නුඹෙ ජීවිතේ
දෑත් මත දෑත් තියා ආයෙ කිසිවක් නොකියා
අවසාන හාදුවෙන් සමුගෙන යමී
සමුගැන්ම නුඹ මගේ හීනයක් නොවේ
අතින් අතට යයි නම් නුඹ විහින් නුඹ නසා

හමන සුලගක් ඇතී.........
මේ ජීවිතේ සැනසීමත් ඔබයි
මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.