Lyrics
හැමදාම ඔය දෑස හමු නොවෙන විට
නොසන්සුන් හිත තාම වාරු නෑ මට..
නුබ ගැන හිත හිතා මිය යනවා හැර..
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..//
තරු දෑස මගෙ නේද අතරමං උන..
හොය හොයා මගෙ දෑස වෙහෙස වෙනවද..
මං එක්ක යං කිව්ව ගමන එනවද..
සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද..//
අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී..
හිතක් තවරා පෙමක ඔබත් නිහඩව හිදී..
මටත් නොකියා ඔහොම ඉතින් දගකාර වී..
හිතේ නවතින තුරුම ආදරේ නොදැනුනී..
නුබ ගැන හිත හිතා මිය යනවා හැර..
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..
මං එක්ක යං කිව්ව ගමන එනවද..
සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද..
අවාරේ හමා යන සැඩ සුළං වැදී වැදී..
රැක ගත්තේ නුබ තමයි පෙලා යන්නට නොදී..
මලක් වී ගසක් යට සුවද දී වැටී වැටී
ඔයා හිනහී ඉන්න හඩා කදුලක් නොවී..
නුබ ගැන හිත හිතා මිය යනවා හැර..
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..
මං එක්ක යං කිව්ව ගමන එනවද..
සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද.. ////