Lyrics
හැමදාම නුඹේ වෙන්න පෙරුමන් පුරා
හදවතට හොර රහසේ එක්තැන් වෙලා
කව්ද නුඹ කොහේද කව්රුන්ද නොකියා ගියා
(පෙම් හීන ගිනි තියලා නුඹ හිනැහුණා.....//)
(සීතලම හුස්මින් කඳුළු කැට වැස්සත්
නොඉඳුල් පැතුම් බර වුණා......//)
තාම මතකයට එනවාද අපේ පුදුම තැන්
ජීවිතය නවතින්න පෙර ආයෙමත්
ආදරය දෙනවද මොහොතකටවත්.......
(වාරු නැත දැන්නම් පාළුව මකන්නත්
මුළු ලොවින් නුඹ හංඟලා......//)
අඳුරු සෙවණැල්ල කිරි කැටි සිනා මත් කළා
(මං අපගේ ආදරය ජීවත් කළා......//)
හැමදාම නුඹේ.......