හැම වැරදි කෙරුවේhaema waeradhi keruwee

Hama Waradi Keruwe

Music:
තරිඳු කොස්තාtharindu kosthaa
Lyrics:
උවිඳු දයාරත්නuwindu dhayaarathna

Lyrics

උන් තැනම ඔබ තාම ඒ විදිහමයි
මගෙ වචනයකටත් හරිම අවනතයි
රස තැන් සොයා ගියපු මං අසරණයි
කොතැනකට පාවෙයිද මට මා සැකයි
හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර‍
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර

පණ වාගේ ලැබු ආදරේ විසි කෙරූ
පව්කාරයා මමද මග වැරදුණු
හිංසා කරන්නෑ සත්තයි මින් මතු
හිනැහෙයිද ආයෙමත් ඉරණම්කරු
හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර‍
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර

දෙවියෙක් නොවේ මමද මිනිසෙක් වෙමි
අඩුපාඩු කාගෙත් අතින් සිදු වෙති
දෙනු මැනවි අවසන් සමා අයදිමි
ඇස් දෙක වගේ මං ඔයා සුරකිමි
හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර‍
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර

උන් තැනම ඔබ තාම ඒ විදිහමයි
මගෙ වචනයකටත් හරිම අවනතයි
රස තැන් සොයා ගියපු මං අසරණයි
කොතැනකට පාවෙයිද මට මා සැකයි
(හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර‍
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර)...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.