හැම වැරදි කෙරුවේ මමයි ඉස්සරhaema waeradhi keruwee mamayi issara

Hama Waradi - Hema Waradi

Lyrics

හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර 
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර

උන් තැනම නුබ තාම ඒ විදියමයි
මගෙ වචනයකටත් හරිම අවනතයි
රස තැන් සොයා ගියපු මං අසරනයි
කොතනකට පාවෙයිද මට මා සැකයි

හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර 
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර 

පන වාගේ ලැබූ ආදරේ විසිකෙරූ
පව්කාරයා මමද මග වැරදුනු
හිංසා කරන්නෑ සත්තයි මින් මතු 
හිනහෙයිද ආයේමත් ඉරනම් තරූ

හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර 
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර 

දෙවියෙක් නොවේ මමද මිනිසෙක් වෙමී
අඩුපාඩු කාගේත් අතෙන් සිදුවෙති
දෙනු මැනවි අවසන් සමා අයදිමී
ඇස් දෙකවගේ මම ඔයා සුරකිමී

හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර 
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.