‍හැම රෑhaema rae

Hama Raa

Music:
විරාජ් පෙරේරාwiraaj pereeraa
Lyrics:
කුෂාන් මනේද්‍රkushaan maneedhra

Lyrics

‍හැම රෑ ඔබ එනවා හැම හීනයක් පාසා 
මුමුණා ඔබ යනවා මට ආද‍රේ පවසා
තිබුනා අපි ‍දෙදෙනා ගැන ‍දෛව‍යේ ලියලා
හිඳිනා තුරු සැමදා ඔබ මාගේමයි කියලා
මගේ සිත නැහැ ඉවසන්නේ
ඔබ ගැන පමණයි සිහිවන්නේ 
බැහැ ඉන්නට මට නම් දුරස්වෙලා

ඒවී බාධා අප සොයා
‍නොසැලීලා ඉමු සැමදා 
ඔබ මා‍ගේ දෑස වා‍ගේ බලාගන්නවා //
‍මේ ‍ලො‍වේ ඉපදිලා ‍මේ ව‍ගේ හමු‍වෙලා
අ‍පේ ආද‍රේ භ‍වෙන්  භ‍වේ රැ‍‍ඳේවා

සතුරු ඒවි මිතුරන් වෙලා
පවසාවි බොරුවැල් ගොතා
පිළිගන්නෙපා ඔයා මා ඔබෙයි සැමදා //
‍මේ ‍ලො‍වේ ඉපදිලා ‍මේ ව‍ගේ හමු‍වෙලා
අ‍පේ ආද‍රේ භ‍වෙන්  භ‍වේ රැ‍‍ඳේවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.