හැම මොහොතක් පාසාhaema mohothak paasaa

Hama Mohothak Pasa

Lyrics

හැම මොහොතක් පාසා සිහිවෙන නුඹ හින්දා
මා තනිවම හැඩුවා නෙතුවල දුක තියලා
මේ හදවතේ දුක්ගිනි මගේ නෙතට කඳුළක් වෙලා
හඩමි මුළු රෑ පුරා

ඔබම දුන්න ඒ හීන වලට මම
අයිතිය තනිවම රැකගත්තා
කෙලෙස කොහොම දුක වාව ගන්නද
රත්තරනේ මා තනිවිලා
මගේ රැධිරය පවා ඔබේ නම ලියවිලා
මගේ හුස්මෙන් පවා ඔබේ රැව සොයනා

මතකයන් ළඟ නැවතිලා මම
තවම තැවි තැවි විඳවනවා
රත්තරනේ නුඹ මගේ සිත ගෙන
දුර ගියත් අද වෙන්විලා
තරහ නෑ මම සදා ඔබයි මගේ පන එදා
නැතත් මගේ අද ඔයා ආදරෙයි දිවි තුරා
හැම මොහොතක් පාසා .......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.