හැම හුස්ම ගානෙම හිත රිද්දනාhaema husma gaanema hitha ridhdhanaa

Hama Husma Ganema Hitha

Lyrics

හැම හුස්ම ගානෙම හිත රිද්දනා
ඔය මතක ඇස් තෙමනවා....
ළග ඉන්න මා දැක්ක හීනේ දවා
ඔබ ඈත කොහෙදෝ ගියා....
නරකක් වෙලා පැතුමමත් මගේ
ගියමුත් දමා නෑ තරහ මං
සතුටින් ඔයා...ඉන්නයි කියා...
හැමදාම මං පතනවා....

සනසන්න පරදිද්දි දිනවා ඔයා
රවටන්න හිතනවද මා.....
නොකරාපු වරදකට දඩුවම් ලබා
රිදවන්න මට සිදු වෙලා.....
නරකක් වෙලා පැතුමමත් මගේ
ගියමුත් දමා නෑ තරහ මං
සතුටින් ඔයා...ඉන්නයි කියා...
හැමදාම මං පතනවා....

හමුවෙන්න නැතිවෙද්දි මොහොතක් පවා..
තනිකමට හිත පෑරුනා.....
ඔබ නැතිව මට ඉන්න බැරි බව ඔයා..
දැන දැනම වෙන් වී ගියා.....
නරකක් වෙලා පැතුමමත් මගේ
ගියමුත් දමා නෑ තරහ මං
සතුටින් ඔයා...ඉන්නයි කියා...
හැමදාම මං පතනවා....

හැම හුස්ම ගානේම..........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.