හකුරුත් දුංකලත්hakuruth dhunkalath

Hakuruth Dunkolath

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha

Lyrics

හා!පටන් ගනිමු!!
සොකරි කතාවේ පරයට දුම් පෙවීම.

තෙයියත් තෙයියත් තෙයියත් තා///

හකුරුත් දුංකලත් කංසා එක පමන
ඇඹරූ ලෙසට අල්ලේ පොඩිකරල ගෙන
කංසා ගඩුගුඩාවට දිය වත්කරන
ගුරුවත් සොකරිත් බොති කංසා ඉඟන…

මටාත් දියාන් ගුරුහාමී කංසා ඉල්ලන
තටා දෙන්ට කංසා නැත ගුරුවා කියමින
පිහා කැත්ත අතේ ගගා මුවඅත බලමින
මටාත් නොදූන්නොත් කංසා ගුරුවා මරමින…

හිංසා පීඩා විඳින්ට මුන්ගෙන් මට බැරුවා
කංසා ගඩුගුඩා පොල්ල කොන්ට අතට දෙනවා
පිස්සා වෙන්නට සොකරි පරයට දුම් පෙව්වා
උස්සා දමලා පරයගෙ කංස දෙකට එලුවා…

රාමා රාමා මගෙ හොඳ රාමා
කංසා බීලා මත්වුනු රාමා
රාමා රාමා මගෙ හොඳ රාමා
අම්මා ආවා නැගිටින් රාමා…////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.