Lyrics
හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
සොදුරුම හැගුමට මිසක් බොරුවට හිතේ තැන නම් නෑ //
ලෝකයා මුලා කරලා රගපෑම ඔයා කෙරුවා
මං නිහඬව ඉන්නම් කාලය උත්තරයක් දෙනකං කාලය උත්තරයක් දෙනකං
ආදරේ පූජනීයයි රැවටීම පව් ගොඩයි
ඔබ දන්නැත්තේ ඒ ටිකයි //
අහසේ තරු තරම් සයුරේ රළ තරම් //
මහමෙරක් තරම් ආදරේ හිතලා රැවටුවොත්
ලෝ දහමත් පිළිතුරු දෙයි අවංක හිත් රිදිලා
මං නිහඬව ඉන්නම් කාලය උත්තරයක් දෙනකං කාලය උත්තරයක් දෙනකං
ආදරේ පූජනීයයි රැවටීම පව් ගොඩයි //
ඔබ දන්නැත්තේ ඒ ටිකයි
සැනසීම ජීවිතේ මුල්වීම ආදරේ විදවීම ජීවිතේ මුල්වීමත් ආදරේ
බොරුව ඇත්ත කරලා හිත් කම්පා කරලා