හාදුවක් තියලාhaadhuwak thiyalaa

මනමාලියේ - Haduwak Thiyala - Manamaliye

Lyrics

හාදුවක් තියලා..
කෝලයෙන් බැලුවා...
නිල් නුවන් වහලා..
ආදරෙයි කීවා..
කවියක් වගෙයි අපගේ සෙනේ..
නදියක් වගේ නොසිදෙයි ලයේ...

මනමාලියේ ...
දවසයි අපේ මේ..
හැගුමන් හිරි වැටිලා වගේ...
තුරුලේ ඉදන් හුරතල් විදින්නේ...
සුවදයි අපගේ ආදරේ...//

සෝ සුසුම් නිවලා..
හාදකම් වැහැලා..
ජීවිතේ හොයලා... 
යන්න යං පියබා ....
කුසුමක් තරම් පිවිතුරු ලදේ.....
වියතක් දුරින් මුමුනයි සදේ......

මනමාලියේ ....
දවසයි අපේ මේ..
හැගුමන් හිරි වැටිලා වගේ ..
තුරුලේ ඉදන් හුරතල් විදින්නේ..
සුවදයි අපගේ ආදරේ ..//

මනමාලියේ .......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.