හදිස්සියට උකස් තිබ්බ ආදරේ - hadissiyata ukashadhissiyata ukas thibba aadharee - hadissiyata ukas

හදිස්සියට උකස් තිබ්බ ආදරේ - hadissiyata ukas

Lyrics

හදිස්සියට උකස් තිබ්බ ආදරේ 
අහස උසට පොලී වෙලා ප් ‍රේමියේ
බේර ගන්න බෑ මගෙ හිත කූඩුවේ
සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ 

සින්නක්කර අයිතිය අපි දෙන්නාගේ
උකස් තිබ්බෙ ඔබට නොදැනි සීරුවේ
අයිතිවාසිකම් කීවත් පෝරුවේ 
පින් කරලා මදි අපි නම් පූරුවේ
(ආදරේ මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ //)

කාසි කැටේ එකතු කරත් කාලයක්
අපිට කොහෙද රන් කහවණු කෝටියක්
පාන්දරට ඇහැ නොහැරෙන හීනයක්
දකින්න බෑ හීන කඩේ හොරු අරන් 
(ආදරේ මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ// )

හදිස්සියට උකස් තිබ්බ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.