හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේhadhissiyata ugas thibba magee aadharee

Hadissiyata Ugas Thibba Mage Adare

Lyrics

හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ
අහස උසට පොලී වෙලා ප්‍රේමියේ
බෙර ගන්න බෑ මගේ හිත කුඩුවේ
සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ

සින්නකර අයිතිය අපි දෙන්නාගේ
උගස් තිබ්බේ ඔබට නොදැනී සීරුවේ
අයිතිවාසිකම් කීවත් පෝරුවේ
පිං කරලා මදි අපි නම් පූරුවේ
ආදරේ... මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ... මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ

හදිස්සියට උගස් තිබ්බ .../

කාසි කැටේ එකතු කරත් කාලයක්
අපිට කොහෙද රංකහවණු කෝටියක්
පාන්දරට ඇහැ නොහැරෙන හීනයක්
දකින්න බෑ හීන කඩේ හොරු අරං
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ

හදිස්සියට උගස් තිබ්බ .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.