හැඩෙන්නට කඳුලුත් නෑ - hadennata kaduluth nehaedennata kanduluth nae - hadennata kaduluth ne

හැඩෙන්නට කඳුලුත් නෑ - hadennata kaduluth ne

Lyrics

හැඩෙන්නට කඳුලුත් නෑ 
රිදෙන්නට හිතකුත් නෑ 
මගේ ජීවිතේ 
මගේ ජීවිතේ 
නින්ද මට අද උරුම නෑ 
තවත් හිත රවටන්න බැ 
ඔබ මගේ ලග නෑ 
ඔබව මට හිමි නෑ 
හැඩෙන්නට කඳුලුත් නෑ.....

සිතාගන්නටවත් බැ ඇයිද මෙතරම් 
ඔබට ආදරේ කියලා 
නොදැක ඉන්නට සිතුවත් 
හිත අකිකරු වෙනවා 
හිමි උනානම් ඔබව මට සදවතියේ
මගේ පන මෙන් රකිනවා
මම සත්තයි .......

හදාගන්නට නම් බැ හඩන සිත මගෙ
ඔයා ගැන විමසනවා
නොලෙබෙනා බව දැනුනත් 
තවත් මම පෙම් කෙරුවා
ඉන්න සතුටින් මගේ සදරාජිනියේ
හිමි නැතත් මට
ඔයා මගෙමයි සැමදා.....

හැඩෙන්නට කඳුලුත් නෑ ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.