Lyrics
හදවතේ ගැවසෙනා හුස්ම තාමත් ඔයා
මතකයෙන් යන්නෙ නෑ ජීවිතේ ඇති තුරා
යහපතයි ඔබගෙ පැතුවේ දුකක් නෑ ඔයාට දුන්නේ
මටම ඇයි මෙහෙම කෙරුවේ මදිද මා දුන්න සෙනෙහේ
(එනවා නම් ඔයා ආයේ පණ උනත් දෙනවා මාගේ
තව කෙනෙක් ලඟට නම් යන්නෙපා...//)
මේ පපුව ගැඹුරේ ආත්මීය සෙනෙහේ
තිබුනාවෙ මිහිදන් වෙලා
නෑ යළි සොයන්නේ මේ හිතට සුවයක්
මා තව කෙනෙක් ගෙන් සදා
යහපතයි ඔබගෙ පැතුවේ......
ජීවිතය අඳුරේ පාවෙයි නිදැල්ලේ
තනිකඩව නුඹ නැති නිසා
මේ හුදකලාවේ මා මියදුනාවේ
ආදරය නාමෙන් සදා
යහපතයි ඔබගෙ පැතුවේ......