හදවතට අත තියාhadhawathata atha thiyaa

Hadawathata Atha Thiya

Music:
මිලාන් චාමින්දmilaan chaamindha
Lyrics:
එරංග මදුශංකeranga madhushanka

Lyrics

හදවතට අත තියා
මට පවසන්න දිවුරලා
හැරයන්න පෙර වරක්
ආයෙත් මේ ඔබම දෝ කියා
මගේ හිත මට වඩා
අදුනන්නෙ ලඟ උන් ඔයා
ලොව හැර ගියත් හෙට මෙමා
ඒ යන්නෙ මම ඔබ නිසා...

(එක හිතක තනිවෙන්න බැරිනම් මතු
එක වරම ජීවිතෙන් යන්නට යමු...//)

ස්තීර නෑ මේ ⁣ලොවේ කිසි දෙයක්
ඒ හින්දා හිමි නැතිව ඇති එක ලොවක්
මට පුදුම බොරු කෙරුව හැටි එක වරක්
ඇස්දෙකට සම කරපු ඔය හදවතත්...

(එක හිතක තනිවෙන්න බැරිනම් මතු
එක වරම ජීවිතෙන් යන්නට යමු...//)

මේ හදවතේ නුඹේ නම කොතැනකත්
ලියවී ඇ⁣තේ ආයෙ නැ එහි දෙකක්
මේ ලෝකෙ මං ලබපු ඒක සැනසුමත්
නුඹ විතරමයි ඒක මට මහ මෙරක්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.