හදවත ගැඹුරේ (සකූගේ කතාව)hadhawatha gaemburee (sakuugee kathaawa)

Hadawatha Gambure (Sakuge Kathawa)

Lyrics

හදවත ගැඹුරේ කිමිදිලා 
කළ කී හැමදේ සිහිපත් කලා 
මුවගේ සිනහා බොඳවී ගියා 
හදවත පතුලේ ගිනි ඇවිලිලා

නෙතු මානේ පෙනෙනාදේ සිත සැනසුම් සුව ගෙනේ 
සිත් සන්තානේ සැඟවූදේ හද කම්පාවන් ගෙනේ 
හදගැබ පතුලේ සිතුවම් වටා ගිනි දැවෙනවා 
ගිනිසිළු අතරේ ඉකිබිදිනවා 
හර්දසාක්ෂියට පිටුපානු බෑ 
සත්‍යතාවයෙන් සැඟවෙන්න බෑ.. සැඟවෙන්න බෑ

හදවත ගැඹුරේ කිමිදිලා....
හර්දසාක්ෂියට පිටුපානු බෑ 
සත්‍යතාවයෙන් සැඟවෙන්න බෑ.. 
සැඟවෙන්න බෑ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.