හදවත බිඳුණාhadhawatha bindunaa

Hadawatha Binduna

Music:
කේෂාන් පෙරේරාkeeshaan pereeraa
Lyrics:
චතුරංග හෙට්ටිගේchathuranga hettigee

Lyrics

රෑ තනියාමේදී නොනිදා හඬා 
හැම හීනෙන්ම ඔය මූන මැවෙනා නිසා
ප්‍රේමේ ඈ ප්‍රේමේ බොරු යැයි කියා
මට හිතුනේම නෑ සීත දැනෙනා තුරා
තාමත් ඇදෙනවා සෙවණැලි මතකේ සොයා
හදවත බිඳුණා ගියදාම හඬවා නුවන් 
මාගේ ස්නේහේ එපා යැයි කියා
මතකෙට නැගුනා පෙරදාක ඔබ මා දමා 
ඈත ගිය බැව් ඔබ මගෙන් වෙන් වෙලා.......

තුරු වදුලක සතපා තුරුලේ එදා 
සැනසෙද්දි කිඳුරි වෙලා
හිත පෙරුමන් පිරුවා ඔබගේ කියා
ළඟ ඉන්න සසරේ පුරා
විස හීය විදලා ඔබ යන්නේ ඔහු හා
තිනවෙච්ච කිඳුරා මෙමා......

හදවත බිඳුණා ගියදාම හඬවා නුවන් 
මාගේ ස්නේහේ එපා යැයි කියා
මතකෙට නැගුනා පෙරදාක ඔබ මා දමා 
ඈත ගිය බැව් ඔබ මගෙන් වෙන් වෙලා.......

රැකවරණය පතලා සෙනෙහේ සොයා 
ඔබ එද්දි සොඳුරි වෙලා ඔය දෙකොපුල සිඹලා
පණ සේ ඔයා රැකගත්තු මනමේ මෙමා
ඔහු දෑත පතලා මගේ ප්‍රාණේ සිඳලා 
සැනසිච්ච කුමරි ඔයා......

හදවත බිඳුණා.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.