හදවත් හදනාhadhawath hadhanaa

Hadawath Hadana

Music:
කනිෂ්ක අක්මීමනkanishka akmiimana
Lyrics:
සජිත් අක්මීමණsajith akmiimana

Lyrics

ඈ ගෙන් ආයේ අයදින්නෑ ආලේ
තනීවෙම් ලෝකේ උරුමයි මේ ශෝකේ
නුඹ නම් මාගේ හැමදේ වූ කාලේ
මොහොතක් ගානේ රිදවයි ඒ හීනේ...

(හදවත් හදනා හදවත් බිඳිනා 
ආදරේ මට හමුවුනා
කවදත් දැවෙනා කවදත් රිදෙනා 
ආදරෙන් සමුගන්නවා...//)

රෑක තුරූලේ ගැවසෙනා
තෝඩු දෙතෝලේ පැටලෙනා
සොඳුරු වූ ස්නේහාදරේ වියැකී ගියා
කෝල දෑසේ ඇහීරිලා 
හාදු යායේ වැතිරිලා
ගෙවුනු ඒ ප්‍රේමාදරේ මියැදී ගියා
පිනි පොදයි ඒ ආදරේ මාව ජීවත් කලා
පෙන බිඳයි ඒ ආදරේ මා තනිකලා...

හදවත් හදනා හදවත් බිඳිනා...//

රෝස යහනා පරවුනා
හීන හඬලා වියලුනා
අඳුරු වූ ගිම්හානයේ පියනගමී මා
නීල අහසේ තරූ පවා
පාළු මැකූවා මගෙ සදා
සොඳුරු වූ වස්සානයේ නවතිමී මා
පිනි පොදයි ඒ ආදරේ මාව ජීවත් කලා
පෙන බිඳයි ඒ ආදරේ මා තනිකලා...

හදවත් හදනා හදවත් බිඳිනා...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.