හඬනා තරම් මේ හිත මගේhandanaa tharam mee hitha magee

Hadana Tharam Me Hitha

Lyrics

හමුවුනු තැනින් වෙන් වෙන්න නම්..
ඇයි ලංවුනේ ඇපි මේ තරම්..
වාවන්නේ නෑ මේ හිත මගේ..
මතකෙන් ඔබේ දැවෙනා තරම්..
එකට එක්වී දුටුව සිහිනේ..
මඟින් නවතා ඔබයි හැරුනේ..
අදහන්න බෑ..හැරයන්නෙ ඔබම ද කියා..

හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නෙ නෑ ඔබ දනී නම්..
හඬනා තරම් මේ හිත මගේ..
හැරයන්නෙ නෑ ඔබ දනී නම්..

හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න
මතු මතුත් හැම භවේ..
වැටුනු මගෙ හිතට දිරිය දුන් ඔබම
යන්නෙ ඇයි මේ වගේ..

හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නෙ නෑ ඔබ දනී නම්..//

යනෙන හැම තැනම පසුපසින් ඇවිද
දිනුම දුන් මගෙ පන මගේ..
නැවත පැමිණේවි මටම හිමිවේවි
කියනවා හිත මගේ..

හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නෙ නෑ ඔබ දනී නම්..//

හමුවුනු තැනින්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.