හඬන පොඩි පුතුhandana podi puthu

Hadana Podi Puthu

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
පොඩිරත්න අඟමලේpodirathna angamalee

Lyrics

හඬන පොඩි පුතු නළවා ගන්නට නිදන මට රහසින් 
රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිඳිනා දුකකින් 
කහට පොද ගෙන කුරුලු කූජන සමඟ ළඟ ඉඳිමින් 
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින් 

ලිහා බත් මුල බුදින මොහොතක මිතුරු කැළ සමඟින් 
වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින් 
කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින් 
නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින් 

අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින් 
සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන් 
මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන් 
(සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන්...///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.