හඩන පණ නල යදිනhadana pana nala yadhina

Hadana Pana Nala Yadina

Lyrics

හඩන පණ නල යදින සැනසුම දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමණකි වියලි කතරට හිමිවුණේ //

යොවුන් සිතුවිලි විපිලිසර වී මහළු ලොව තුල මිය ඇදේ
සයින් පීඩිත හඩන සුරගුරු යදී සිගමන් මාවතේ

හඩන පණ නල .....
හඩන පණ නල යදින සැනසුම දැවී යයි හද චිතකයේ

රකුසු පියසක පුපුණු කුසුමට මලවී හමුවන පින නැතේ
දෑස නැති විට නුහුරු මං පෙත සරණ පා යුග පටලැවේ

හඩන පණ නල .....
හඩන පණ නල යදින සැනසුම දැවී යයි හද චිතකයේ



Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.