හඬන දොඩන හිත සනසන හිනා ඇබිත්තක්handana dhodana hitha sanasana hinaa aebiththak

Hadana Dodana Hitha

Lyrics

හඬන දොඩන හිත සනසන හිනා ඇබිත්තක්
නොදී ඉන්නෙපා දුටුවම වෙලා නොසන්සුන්
මම අහිංසකයි
මටත් වඩා මගේ පැතුම් අහිංසකයි

දෙනෙත් තරු වගේ මුහුණත් පුරා හඳ වගේ් ‍
දෙතොල් පෙති ඔබේ සුන්දර සිත්තමක් වගේ
දිවුරලා කියමි ඉර හඳ සපත කර මෙසේ
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි

ඇවිත් ඔබ හිතේ නැවතුන දායි රන් අගේ
ගෙවෙන රැය දිගයි හරියට කල්පයක් වගේ
දිව්රලා කියමි ඉර හඳ සපත කර මෙසේ
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි

හඬන දොඩන.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.