හදාගන්න මේ හිත මාhadhaaganna mee hitha maa

Hadaganna Me Hitha Mage

Music:
තුසිත් නිරෝෂණthusith nirooshana
Lyrics:
සජිත් දිල්පහන්sajith dhilpahan

Lyrics

හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා..
දමායන්න දෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා..
එදාදුන්න ආදර ලෝකේ - හදේ ගැස්ම දෝර ගලා..
හමා යන්න මාරුත ගින්නේ - සදාකල්ම අතැර දමා...

ඔය තුරුලේ මෘදු දෙතොලේ
සුව යහනේ හාදු තියා..
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නැ ආයේ එන්නේ...//

මේ දෑසේ ඔබ හා මා - උන් කාලේ සිහිවූවා..
පායා ආ තරු සිඳුනා - සංතාපේ මා වෙලුනා..
නැ මා නම් හැඩවූයේ - සංසාරෙ රිදවූයේ..
ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ...

ලා ලා ලාල ලා ලලලා....
ලා ලා ලාල ලා ලලලා....

නැ මා නම් හැඩවූයේ - සංසාරෙ රිදවූයේ..
ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ...

ඔය තුරුලේ මෘදු දෙතොලේ
සුව යහනේ හාදුතියා..
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නැ ආයේ එන්නේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.