හද සැලෙනා නා දල්ලයි ඔබ සීතල සුළගයිhadha saelenaa naa dhallayi oba siithala sulagayi

Hada Salena Naa Dallai Oba Seethala Sulagai

Lyrics

හද සැලෙනා නා දල්ලයි
ඔබ සීතල සුළගයි
හද ගලනා දිය ඇල්ලයි
ඔබ සාගර යහනයි
ඔභමය සතුටද ඔබමය කඳුලද
ඔභමය ලොවම මගේ

ඔබමය දියවර තාපය නිමකල
මා දිවි උයන දැවූ
ඔබමය පණනල සුරකින නල වැල
ඔබමය මිහිමත සැනසුම සහනය
මා .... දිවියේ පිවිතුරු සිහිනය

හද සැලෙනා නා දල්ලයි
ඔබ සීතල සුළගයි

ඔබමය දිනකර මාවත ගනඳුර 
බිදහැර එළිය මැවූ
ඔබමය ඉසිවර බිදි හද සුව කල
ඔබමය සිත නිති අයදින දෙව්රුව
ආ .... දරයේ පිවිතුරු සිහිනය 

හද සැලෙනා නා දල්ලයි ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.