හද සැලෙනාhadha saelenaa

Hada Salena

Lyrics

නිල් ගුවන් හසකැලුම් - පවසමින් පෙම් හැගුම්
ජීවිතයේ,. යෞවනයේ, දකිනා..
සුවළදුන් සෙනෙහසින් - මගෙ පැතුම් සරසමින්
මා දෙනෙතේ‍‍... මා මනසේ... රැදුනා‍‍‍..

හදසැලෙනා.. රැයේ හිම සිසිලේ.......
රහසේ.. අහසේ ඈත ඉමේ
මුතු වරුසා, සැලුනා තාම මැවේ....
නෙබිදී නොමැකී ඒ මතකේ...

සිතු ලෙසින් සැනසෙම්න් - නිදහසෙන් නැලවෙමින්
මගෙ දිවියේ.. ඒ යුගයේ තිබුනා
දහසකින් සුව දසුන්, පහසකින් ලද රසින්
මෝහනයේ... සත්සරයේ රැදුනා..


හදසැලෙනා.. රැයේ හිම සිසිලේ.......
රහසේ.. අහසේ ඈත ඉමේ
මුතු වරුසා, සැලුනා තාම මැවේ....
නෙබිදී නොමැකී ඒ මතකේ...

හදසැලෙනා.. රැයේ හිම සිසිලේ.......
රහසේ.. අහසේ ඈත ඉමේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.