හද සල් ගසේ එතෙනාhadha sal gasee ethenaa

Hada Sal Gase Ethena

Music:
පී. එල්. ඒ. සෝමපාලpii. el. ee. soomapaala

Lyrics

චිත්‍රපටය: රත්තරන් අම්මා (1975)

හද සල් ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ
වැල සල් ගසේ  එතිලා මල් පිපී හිනැහේදෝ

අහසේ වළාවන් දිනිඳා වැසේදෝ
නොසිතූ විලාසෙන් අඳුරේ ගිලේදෝ
අස්ථිර මේ ලෝකේ ආලේද සිහිනෙකි
ගංඟා ජලේ ගලනා සයුරේ හාවේදෝ
හද සල් ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ

එළඹී වසන්තේ කොවිලි හඬයිදෝ
බඳිනා කැදැල්ලේ සුවසේ වෙසෙයිදෝ
අසමාන  ආශාවෝ රෑ පේන සිහිනේකි
සංසුන් පැතුම් පතනා නුදුරේ ඉටුවේදෝ
වැල සල් ගසේ  එතිලා මල් පිපී හිනැහේදෝ

මඩහි පියුම් රොන් බඹරා උරයි නම්
බෙල්ලා කුසින් ගත් මුතු මාල වෙයි නම්
එක චේතනාවෙන් දෙදෙනා බැදේ නම්
පරදරාදේ අපගේ පලදෙයි එසේ වෙයි නම්
දිවි මාවතේ රන්වන් දූවිලා ඉහිරේවා //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.