හද පෙලා ගිය දිනේ මා දවා දුක දරා ඉන්නෙ දෝ hadha pelaa giya dhinee maa dhawaa dhuka dharaa inne dhoo

Hada Pela Giya Dine Ma Dawa Duka Dara Inne Do

Lyrics

හද පෙලා ගිය දිනේ මා දවා
දුක දරා ඉන්නෙ දෝ මා සදා
මනලෝල මනරාජිණී
නොකියාම සැගවී ගියා
චන්ඩ මාරුතේ පැටලී
බැන්ද ආදරේ ගිලිහී

ඔබ දුටුදා ලදේ
මා සිතුවේ සදා
ඔබ රුව සේ හදත් පිවිතුරුයැයි සිතා
තනිව මා ඉන්නම්
මා එපා වී නම්
දුක දරා ගන්නම් හැමදා මෙසේ මා
රවටලා හදවතක් මේ තරම්
වේදනා දෙන්නෙපා ආයෙනම්

හද පෙලා ....

ඔබ තෙපලූ කතා
ගිනි දැල් මා දවා
මට අවමන් කලා වෙනතක ළං වෙලා
ඉතිං සමුගන්නම් 
ඔබ සිනි සේ නම්
දුක දරා ගන්නම් හැමදා මෙසේ මා
රවටලා හදවතක් මේ තරම්
වේදනා දෙන්නෙපා ආයෙනම්

හද පෙලා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.