Lyrics
(හද මල් විලේ රොන් සොයාලා
ඒ ආදරේ මා සිතේ නුඹ හැංඟුවා
ඔබටයි ප්‍රියේ මා හද විලේ
පුද දෙන්නේ හැමදාම පෙම් ප්‍රාර්ථනා......//)
හද මල් විලේ රොන් සොයාලා......
හීන පුරවී හද ගාව මා මාළිග තනා
ඔබ එන්නේ නෑ ඇයි දන්නේ නෑ මගේ ජීවිතේ
සාරි සදිසි සිරියාවී මා මිහිරි ඔයා
සිපගන්න බෑ ළංවෙන්නේ නෑ මගේ ජීවිතේ
මට ආදරෙන් හමුවෙයිදෝ පෙම් ලාලිතේ ළංවෙයිදෝ
මගේ ජීවිතේම සෑමදේම ආදරේ තමා.......
හද මල් විලේ.......
සිහින කුමරී අද තාම නෑ මා තනිවෙලා
නුඹ එන්නේ නෑ ඇයි දන්නේ නෑ මගේ ජීවිතේ
ඈත බලමි නුඹ එනතුරා දෑසම හොවා
හිනැහෙන්න බෑ ඇයි දන්නේ නෑ නුඹ ළඟ නැතේ
මට ආදරෙන් හමුවෙයිදෝ පෙම් ලාලිතේ ළංවෙයිදෝ
මගේ ජීවිතේම සෑමදේම ආදරේ තමා.......
හද මල් විලේ.......