හද මාගේ රිදුම් දෙනවා නෙතු මාගේ හඬා වැටිලාhadha maagee ridhum dhenawaa nethu maagee handaa waetilaa

Hada Mage Ridum

Lyrics

හද මාගේ රිදුම් දෙනවා නෙතු මාගේ හඬා වැටිලා
ඔබ නැහැ දැන් ලගින් රැදිලා පිටුපාලා ගියේ දමලා
ඔබ කීවත් දිවුරාලා සැමදා මට ලං වීලා
අප එක් වෙමු මතු කියලා අද ඒ සැම බොඳවීලා

සරසවි පියසේ අද මා පමනයි 
සිත තුල ඇතිදේ මතකය විතරයි
තනිය රකින්නේ මද නළ පමණයි
දසත රැදෙන්නේ ඔබගේ සුවදයි
කීවත් දිවුරාලා සැමදා මට ලං වීලා
අප එක් වෙමු මතු කියලා අද ඒ සැම බොඳවීලා

ඔබගේ හදවත හදුනන්නට බැහැ
කිසිදින වෙනසක් මට දැනුනෙත් නැහැ
මොන දේ කෙරුවත් වෛර කරන්නෑ
ඔහු හා යන මග දපස හිදින්නෑ
කීවත් දිවුරාලා සැමදා මට ලං වීලා
අප එක් වෙමු මතු කියලා අද ඒ සැම බොඳවීලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.