Lyrics
හබුන් කටයි බත් දෙකටයි
නොකැවොතින් බිල්ලොත් එයි
එහෙම කියලා අම්මා මගේ මට බත් කැව්වා
මමත් බය වෙලා හනිකට බත් ටික ගිල්ලා
මමත් බය වෙලා හනිකට බත් ටික ගිල්ලා...//
කෝ අම්මේ ඒ බිල්ලා දැන් බය නෑ
මං ලොකු හින්දා//
මට ආසයි දැකගන්න
පෙන්නන්නකෝ කලු බිල්ලා//
අම්මේ පෙන්නන්නකෝ කලු බිල්ලා...
හබුන් කටයි...//
ආදරේ මට වැඩි හින්දා අම්මා මගේ බොරු කියලා//
රස ගුණ දේ මට කවලා ආදරයෙන් ළඟ උන්නා
ආදරයෙන් ළඟ උන්නා අම්මා ආදරයෙන් ළඟ උන්නා...
හබුන් කටයි...//