හාදු වැස්සේ තෙමිලාhaadhu waessee themilaa

Haadu Wasse Themila

Lyrics

හාදු වැස්සේ තෙමිලා ආදරේ දුන්නා 
නීල දෑසේ ගිලිලා ජීවිතේ හෙව්වා 
නුහුරු නුපුරුදු හැඟුම් ගානක්
රෑ පුරා මැවිලා ආදරේ වැහැලා 

සුවද ළමැදේ රැදුනු හැම දේ 
කවියකින් ලිව්වා 
ඉරට සද සේ ඉමුද අහසේ
ආදරෙන් කිව්වා
සුන්දරයි ඉතින් ජීවිතේ හෝ
ඒ තරම් ගලයී ආදරේ 
සොදුරියේ 

හාදු වැස්සේ තෙමිලා ආදරේ දුන්නා..

මහද ගැඹුරේ ඇදුනු සෙනෙහේ 
ඔබට මා පිදුවා 
සයුරු පතුලේ හැදෙන මුතු සේ 
ඔබ වටී කියුවා

ඒ තරම් ඔබයි ජීවිතේ ම්....ම්....
සුන්දරයී ඉතින් ආදරේ
සොදුරියේ

හාදු වැස්සේ තෙමිලා..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.