ගුවන් තොටිල්ලේguwan thotillee

Guwan Thotille

Music:
ෂෙල්ටන් පෙරේරාsheltan pereeraa
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

චිත්‍රපටය : දරු දුක (1967)

ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා 
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා 
සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ 
ඔබේ පියාගේ සුවඳයි එන්නේ

ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා 
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා

දරු දුක මට මෙන් හිතට දැනේවා 
පොඩි දුව හීනෙන් ඔහුට පෙනේවා 
හෙට හිමිදිරියේ අප වෙත ඒවා 

ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා 
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා
 
යන එන තැන්හී සිත සැනසේවා 
සතර වරම් දෙවි පිහිට ලැබේවා 
දැඩි හිත ඔහුගේ යළි උණු වේවා 

ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා 
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා 
සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ 
ඔබේ පියාගේ සුවඳයි එන්නේ

ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා 
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.