ගුරුතුමී (ආයුබෝ වේවා මගේ දරුවනේ)guruthumii (aayuboo weewaa magee dharuwanee)

Guruthumi (Ayubo Wewa Mage Daruwane)

Lyrics

ආයුබෝ වේවා මගේ දරුවනේ
ආයුබෝ වේවා// අපේ ගුරුතුමී...

පුංචි අපේ වටපිටාව හැඩයි මල් පිපී
පරිසරයේ වටිනාකම් ඉගෙන ගමු අපි
හැඩයි මල් පිපී, ඉගෙන ගමු අපි 
පරිසරයේ වටිනාකම් ඉගෙන ගමු අපි...

හඳහාමි හරිම හැඩයි පුංචි අපට බොහොම දුරයි
හඳ ගැන තොරතුරු කොහොමද හොයන්නේ අපි
හඳේ හාවා ඉන්නේ ඒ තොරතුරු දන්නේ
පෝයදාට හාවාගෙන් අහගමු ද අපි...

කහ කුරුල්ලෝ කහ පාටයි 
මාල ගිරව් කොළ පාටයි
පිළිහුඬුවෝ නිල් පාටයි
ඇයිද කුරුළු මේ...

දාස්පෙතියා කහ පාටයි
වතුසුදු මල සුදු පාටයි
කටරොළු මල නිල් පාටයි
සොභාවේ හැටි...//

හේන හරි සරුයි කුරුලු ගීත හරි අගෙයි
මෙතනට එන කුරුලු රෑන ගැන ගයමුද අපි
ගමරාළ එහි ඉඳී හැමදාම උන් දකී//
හෙමි හෙමිහිට කිට්ටු කරලා අහගමුද අපි...

අපි සමහරු ඳඟකාරයි තව සමහරු කටකාරයි
දැන් කාට ද ගුරුතුමීගේ ආදරේ වැඩී
පොඩි දරුවන් හැඩකාරයි
ගුණ නුවණින් හරි සාරයි...

හොඳ දරුවට කොයි කව්රුත් ආදරේ වෙති
ආදරේ වෙති...
පුංචි අපට කොයි කව්රුත් ආදරේ වෙති
ආදරේ වෙති...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.