ගුරුගෙදරටgurugedharata

Gurugedarata

Lyrics

ගුරුගෙදරට හැමදා එන මවුපියො අතරේ
කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ
උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ
පියාගෙ නම ඉරක්‌ උනේ කොහොමද අම්මේ

උදේ හවස මගේ හිතින් අපේ බිත්තියේ
හැමදාමකම තනියෙන් මම සිතුවම් ඇන්දේ
පියෙකුගේ රූපයක්‌ නැතත් දැකපු ජීවිතේ
හැඩරුව වත් කියාදෙන්න මගේ පියාගේ

ගුරුගෙදරට හැමදා එන.../

මගේ වයසෙ අපේ එවුන් මගේ පන්තියේ
අවජාතක නමකින් මට නම් පට බැන්දේ
හරියට තේරුමක්‌ නැතත් කියපු කාරනේ
හැඩරුව වත් කියාදෙන්න මගේ පියාගේ

ගුරුගෙදරට හැමදා එන.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.