ගුරු පාර දිගටguru paara dhigata

Guru Para Digata

Lyrics

ගුරු පාර දිගට තරු හිනහෙන රැයේ
පැතු හීන හිනාවෝ - දුර ඈත ගියාදෝ
තන්නිකමේ කවිය කාට ඇසේ දෝ

අඳුරට මග අහුරා සඳ සළු පිළි පළඳා
ගැල් මඟ එළිය කළත් රැයේ
හැම දහ දුක් විඳලා හිමිදිරියෙම ඉඳලා
දහදිය උකසට දුන් දිනේ
අපෙ හිතේ දුකට එළිය නිවයි බරබාගේ

සුදු මල් ඔසරිය හා මුතුපොට ගැන සිතලා
මැණිකේ මඟ බලනා වේලේ
ඒ සිහිනය සිඳ දා හිස් දෑතම විහිදා
වයිරෝ ගෙදර යමුද කෙසේ
අපි අඬන විටත් කැකුළු පිපෙයි හඳපානේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.