ගුරු මවුනේguru mawunee

Guru Mawne

Music:
නලින් නාගොඩවිතානnalin naagodawithaana
Lyrics:
පැලවත්තේ රතනසිරි හිමිpaelawaththee rathanasiri himi

Lyrics

පොවා සිප්සතර කිරි කර ඇගෙ දෙතනේ
දෙවා ගුණ දහම් රස කර ගුණ සයුරේ
පෙමා වඩන ඇය අම්මාමයි මිතුරේ
දෙපා වඳින්නට අවසර ගුරු මවුනේ...

වේවැල් කෝටු නාරං සියඹලා අතු
පහදා කියා දුන්නා ඔබ ලොවේ තතු
උගතුන් කරයි මේ ලොව හැම තැන ම නතු
ගුරු දෙව්වරුනි ඔබ වේවා බුදුන් මතු...

පොවා සිප්සතර...

නිසලව ඔබේ ළඟ හිඳ කරනෙමු අකුරු
නැණ ගුණ බෙලෙන් අපි පරදන්නෙමු සතුරු
ගලවා ඔටුනු ඔබෙ පා වඳිමින් සොඳුරු
හඬගා කියන්නෙමි ලොවටම ගුණ ඇදුරු‍...

පොවා සිප්සතර...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.