ගුරු ගෙදරguru gedhara

Guru Gedara

Lyrics

ගුරු ගෙදර පාළුයි
ඔබෙන් වෙන්වුණු මගේ සිත මෙන්
අසරණයි අඳුරුයි පාළුයි
(ගුරු ගෙදර පාළුයි)...//

මියුරු පිවිතුරු සෙනේ විඳ විඳ
අකුරු කරමින් එක්ව හිඳ හිඳ
එදා දුන් හිරිමල් හිනා අද 
ඔබට අමතකදෝ

ගුරු ගෙදර පාළුයි....

හීන් දෙවටේ පිපී නැලැවුණු
එකම මධු මල පරවුණාදෝ
සිහින පියසේ සුවඳ විලසේ
මිරිඟුවක් වීදෝ

ගුරු ගෙදර පාළුයි....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.