ගොයන් කපනවා මැණිකේ goyan kapanawaa maenikee

Goyam Kapanawa Manike

Lyrics

ගොයන් කපනවා මැණිකේ 
වේලේ නෙලනවා මැණිකේ
ලිඳේ නානවා පොඩි මැණිකේ....
ඇගේ වාසනා මහිමය 
මගේ පොඩි පැලේ පහන 
සදා වාසනා පොඩි මැණිකේ....// 

ගමේ පන්සලේ ඇය හමුවූවා
නමේ මිහිරි හඬ මට හුරු වුවා //
ඇගේ මුවේ මල් සිනා මට ගෙනේ වසනා
එදා මගේ සිතේ ඇය රජවුවා //

ගොයන් කපනවා මැණිකේ ......./

ගමේ ඕවිටේ ඇය හා ලන්දේ 
මගේ ආදරේ මුතු හැර බැන්දේ //
වේලේ නිල් ගොයම් අපහට ගෙනෙයි සුබ පැතුම්
එදා මගේ හිත ඇය රජවුවා 

ගොයන් කපනවා මැණිකේ .......//
පොඩි මැණිකේ ///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.