ගෝමර මාලාgoomara maalaa

Gomara Maala

Music:
නුවන් තේනුවරnuwan theenuwara
Lyrics:
දුශාන්ත රාජපක්ෂdhushaantha raajapaksha

Lyrics

ගෝමර මාලා වත සරසාලා 
හැඩ වැඩ ගමනට ඉඟ නලවා  
වරලස මුදලා ඔසරිය අන්දාලා
කෝල සිනහවෙන් මුව සරසා 
නුඹේ රුව දැකලා හිත මගෙ සැලිලා 
යන්ට හිතයි මගෙ දිවි හැරලා
මගේ සුදු මැණිකෝ මගේ රන් මැණිකෝ
බහ දීපන් මට දිවි සනසා 

වැවෙන් නෙලා ගෙන මානෙල් මල් වැල්
ඔබෙ වත ගවසන්නම් 
චාටු කුනාටු දාන හිපාටු 
අල්ලලා එලවන්නම් 
වෙරළු දොඩම් කජු පැණිවරකා 
සීනි ලොසින්ජර් වැලි තලපා 
ආල නුරාමල් සිහින පොකුරු වැල් 
පැදුරු ඇදේ නුඹ සතපන්නම් 

මැනිකගේ ලස්සන දුටු විට කාගෙත් 
හදවත වාවයිද 
ගමේ අනිත් හැම ගැටිස්සියන් නොව 
නුඹමයි මට උරුම 
කාටත් නොකියූ රහසක් මන් 
දිනයක ඔබ හට පවසන්නම් 
දත කට මැද ගෙන උබෙ අත අරගෙන 
හඳ පානේ පැනලා යන්නම් බොල 

ගෝමර මාලා වත සරසාලා ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.