Lyrics
ගොළු හදවත විවර කරන්න
නොඉඳ හිතේ තද කරන් මට කියන්න
කඳුළු සලන්න ඉඩ නොතබන්න
කඳුළු සලන්න ඉඩ නොතබන්න
මුවගින් සිනා නඟනවා - නෙතගින් බැලුම් බලනවා
ඉන් රහසක් පැවසෙනවා - වාගේ මට වැටහෙනවා
ගොළු හදවත විවර කරන්න....
දැඩි සෙනෙහසක් තියනවා - එය හිත තුළ තෙරපෙනවා
ඔබ තනියම දුක් වෙනවා - වාගෙ මට වැටහෙනවා
ගොළු හදවත විවර කරන්න....
ගීයෙන් ඔබ අමතනවා - මගෙ අදහස පවසනවා
ඔබ නිහඬවම සිටිනවා - මා හදවත වැළපෙනවා
ගොළු හදවත විවර කරන්න....